මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම
අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්.
Defragment කරනවා කියලා අපි කරන්නෙ
අපේ පරිගණකයෙ තිබෙන දත්ත ගබඩාව නොහොත් Hard Disk Drive එකේ ගබඩා වෙලා තියෙන ගොණු පිළිවෙළකට අසුරන එක, එතකොට පරිගණකයට අවශ්‍ය ගොණු ඉතා පහසුවෙන් සොයාගෙන වේගෙන් වැඩ කරන්න පුලුවන්, හරියට අවුල් වෙලා තියෙන කාමරයක් අස් කරනවා වගේ වැඩක්. පිටතින් අපිට ලස්සනට Folder සහ File පිළිවෙලින් තිබ්බත් ඇත්තටම Hard එකේ ඔව්වා ගබබා වෙන්නෙ එක එක තැන් වල, ඉතින් අපි Defragment කරාට පස්සෙ තමයි එව්වා අදාල තැනට යන්නෙ.
ඒ වගේමයි Defragment කිරීම නිසා පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ ඉඩකඩ අලුතෙන් එන ගොණු සමඟ පවතින ගොණු අසුරන්න හැඩගැසෙනවා.
හරි එහෙනම් පටන් ගමු වැඩේ. අපිට මේ ක්‍රමයෙන් පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ Partition වෙන වෙනම Defragment කරගන්න පුලුවන්.
මුලින්ම යන්න Computer වලට.
දැන් එම Partition එක Click කර Analyze ඔබන්න, එය සම්පූර්ණ වූ පසු Optimize ඔබන්න
.
This comment has been removed by the author.
ReplyDelete